පාසල් සිසුන් අපයෝජනය කළ කපුවා යළිත් රිමාන්ඩ්
පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා සැප්තැම්බර් (06) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද (23) නියම කළා.
පසුගිය (10) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම කපුවා ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් 09 දෙනෙකු අපයෝජනය කර තිබෙන බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.
මේ අතර එම කපුවා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි අවස්ථාවේ දී මහේස්ත්‍රාත් අධිකරණය අසළ අද සාමකාමී විරෝධතාවක් ද පැවැත්වුණා.
එහිදී සර්ව ආගමික නායකයින් සහ සමාජ ක්‍රියාකාරින් ඇතුළු දෙමව්පියන් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් නිතර වී තිබෙනවා.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඉල්ලා සිට ඇත්තේ, ළමා අපයෝජකයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් සැකකාර කපුවාට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරින් හෙලි කරන ලෙසත් දරුවන් විකුණා රැස්කල ධනය රාජසන්තක කරන ලෙසත් ය.