Latest News

11 හැවිරිදි දරුවෙකුගේ මුවට වෙඩි තැබූ තරුණයා අත්අඩංගුවට

හපුතලේ – කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී මුවට තුවක්කුවකින් වෙඩි තැබීම හේතුවෙන් 11 හැවිරිදි දරුවකුගේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බෙහෙත් කොටන තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, දරුවා මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කලේ.

වෙඩි තැබීමෙන් මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතළ තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුව ද ඔහු සතුව තිබී හමුව තිබෙනවා.