Latest News

ළමුන්ටත් කොවිඩ් මර්දන එන්නත්

වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (07) සිට ආරම්භ වනවා.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරිමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ පාසල් ළමුන් එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පිරිස් වලටද එම ස්ථානවලදීම බූස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බවයි.