අවුරුදු 5ක දරුවෙක් ට්රැක්ටර් රථයකින් වැටි මරුට
වයස අවුරුදු 5ක දරුවෙකු ගෙවත්තක බිම සකස් කරමින් තිබූ ට්රැක්ටරයකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, පාලමොටෙයි ප්රදේශයේ පදිංචි කේ. කනිසන් නමැති දරුවෙක්.
පොලීසිය පැවසූවේ, දරුවාගේ මාමා සමග ට්රැක්ටර රථයේ නැඟී ගමන් කරමින් සිටි අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.
එහිදි දරුවා ට්රැක්ටර රථයෙන් බිමට වැටී, ට්රැක්ටර රථයේ නඟුලට හසුව කැපුම් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබුණා.
දරුවා රෝහල්ගත කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව වව්නියාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.