නිවසක් ගිනි ගැනීමෙන් 8 හැවිරිදි දැරිය මරුට
මාතර, වැලිගම ප්රදේශයේ නිවසක ඊයේ (30) රාත්රීයේ ඇති වූ ගින්නකින් 08 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහලය පිළිස්සී නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගිනන්ට හසුව පිළිස්සී මියගොස් ඇත.
මියගිය දැරියගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක් සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර, ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන අති බව පොලීසිය පවසනවා.
පිරිස නින්දට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර අසල්වාසීන් එක්ව නිවැසියන් පිටතට ගැනීමට කටයුතු කළ ද 08 හැවිරිදි දැරිය පිටතට ගැනීමට හැකියාවක් නොලැබී තිබෙනවා.
සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය මාතර ගිනිනිවීම් රථ කැඳවා ගින්න මැඩ පවත්වා කටයුතු කළ බව පොලිසිය සඳහන් කළා.
කෙසේවෙතත් මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්නඩරයට , ගෑස් උඳුනට හෝ අනෙකුත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ත් ඒ අනුව ගෑස් ආශ්රිත කරුණක් මත මෙම ගින්න ඇති වී නොමැති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන වැලිගම පොලීසිය සිදුකරනවා.