Latest News

නිවසේ බිත්තිය කඩා වැටී 8 හැවිරිදි දරුවා මරුට

අකුරැස්ස, දීගල ප්‍රදේශයේ නිවසක කටුමැටි බිත්තියකට යට වී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්හේන කණිටු විදුහලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිත් නිම්සර නම් 8 හැවිරිදි පිරිමි දරුවෙක්.

අනතුරින් තවත් 5 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී පොලීසිය සඳහන් කලේ, අදාළ නිවසේ සිදුකළ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.