වතුර වලකට වැටී 10 හැවිරිදි දරුවෙකු මරුට
තම නිවස යාබද තිබූ වතුර වලකට වැටීමෙන් කුඩා දරුවෙකු ඊයේ (23) මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 10 හැවිරිදි වියේ පසුවන කොටපොළ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
අදාළ දරුවාට අපස්මාර රෝගය ද තිබූ බවට වාර්තා වුණා.
දරුවා අතුරුදන් බව දැනගත් පසු ප්‍රදේශවාසීන් විසින් කරන ලද මෙහෙයුමකින් මියගොස් සිටි දරුවාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.