මියගිය දරුවාට සුවය පතා දවස් 2ක් සිරුර නිවසේ තබා යාඥා කළ මව හා පියා අත්අඩංගුවට
බඩල්ගම ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, උණ සහ තද සෙම්ප්‍රතිශ්‍යාව පැවති දරුවාට ඖෂධ ලබා නොදී යාඥා කරමින් සිටීමත් සමඟ පසුගිය 7 වනදා දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුවා මියගිය පසුත් දින දෙකක් පමණ සිරුර නිවසේ තබා ගෙන සුවය ලබා ගැනීමේ අරමුණින් ඔවුන් යාඥා කර තිබෙනවා.
එහිදී පොලීසියට ලද තොරතුරු අනුව නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි.