Latest News

කෝන් ඇටයක් සිරවී 9 හැවිරිදි දරුවෙකු මියයයි

කෝන්ගෙඩියක ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (05) මියෙගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මොනරාගල සුදුවතුරආර පදිංචි ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය කනිෂ්ඨ විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත මධුශාන් නමැති දරුවායි.

මෙම දරුවා ඉකුත් (28) වනදා නිවස අසල පිහිටි කෝන්ගසකින් කෝන්ගෙඩි කඩා නිවසට ගෙනවිත් කමින් සිටියදී එහි ඇටයක් සිරවී ඇති අතර පසුව එම දරුවා මොනරාගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේවෙතත් මොනරාගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මෙලෙස මියගොස් ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.