පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3ක දරුවෙක් මරුට
පොළඟෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු පසුගිය (19) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ගලබැද්ද කොලොන්වින්න මහගංගොඩ පදිංචි ඩබ්ලිව්. එම්. අකේන් නමැති දරුවායි.
අදාළ දරුවා නිවසට යාබද ඇති නිවසට ගොස් මිදුලේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටිය දී ජල නළයක් අසල සිටි පොළඟෙකු දරුවාගේ පාදයට දෂ්ඨකර ඇති බවයි මොනරාගල පොලිසිය සඳහන් කලේ.
අනතුරුව දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්ව තිබෙනවා.