කතරගම නිවාඩු නිකේතනයකදී කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මරුට
කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයෙදී අවුරුදු 2ක් වයසැති පිරිමි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, එම නිවාඩු නිකේතනයේ හිමිකරුගේ දෙවෙනි දරුවා වන මනිප්පුගේ කොවින් වින්සිත නමැති දරුවායි.
අදාළ දරුවා නිවාඩු නිකේතනයේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දරුවා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී දරුවා පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති අයුරු දෙමව්පියන්ට නිරීක්ෂණය වී තිබෙනවා.