දියේ ගිලී පාසල් දරුවන් දෙදෙනෙක් මරුට…
නවගමුව, අක්බාර් වත්ත, තුන්අඳහේන, කොරතොට ප්‍රදේශයේදී දරුවන් දෙදෙනෙකු ජලය පිරී තිබූ ගල්වලක බැරලයක් ආධාරයෙන් දිය මත ක්‍රීඩා කරමින් සිටියදී දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 14ක් සහ 15ක් වන කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙක්.
පොලිසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන් දියේ ගිලී සිටි දරුවන් දෙදෙනා ගොඩට ගෙන ඔරුවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විට ත් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇති බවයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
එමෙන්ම, පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලය පිරී පවතින ස්ථානවලට දරුවන් ක්‍රීඩා කිරීමට සහ විනෝද කටයුතු සඳහා යොමු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.