ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පළාත් මට්ටමින් සකස් කරන ලද මාර්ගෝපදේශන සහ ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කෙරුනද ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශනයක අඩුවක් පවතිනවා.
මේ හේතුවෙන් මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම වෙනුවෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ළමාරක්‍ෂක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් නියෝජනය වන පරිදි සහ අදාළ විශේෂඥයින්ගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.