මත් උවදුරින් දරුවන් බේරා ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දරුණු දඬුවම් දිය යුතුයි – ගීතා කුමාරසිංහ
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඬුවම් ලබා දී පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
ඔවුන්ට මරණ දඬුවම නියම කිරීම සුදුසු බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පෙර පාසල් පාලිකාවන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරිය සඳහන් කලේ, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදුකළත්, එම උත්සාහය සාර්ථක කරගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බවයි.
එමෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම වැටලීම වහාම කළ යුතු අතර, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යයන්ට සිදු වූ දේ හෙළි කිරීම ද මත්ද්‍රව්‍ය කාර්යංශයේ වගකීමක් බවත් දරුවන් අතට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට නම් ගුවන් මගින් හා සාගරය ඔස්සේ මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග පරීක්ෂා කළ යුතු බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
මේ අතර අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් යළි බැහැරට යන බවත් එවැනි දෑ සිදුනොවන සේ ඒවා විනාශ කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා.