Latest News

සිව් හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ සිව් හැවිරිදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව සැකපිට 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ (06) තනිව නිවසින් පිටතට පැමිණි මෙම දරුවා රැගෙන ගොස් අත්පා ගැට ගසා පොහොර උරයක දමා තිබියදී සොයාගෙන තිබුණා.

අදාළ සිද්ධියෙන් පසු කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

දරුවා සිටි පොහොර උරය හමුවී ඇත්තේ, දරුවාගේ නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් ඇති ලඳු කැලෑවක තිබියදී බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ දරුවා පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දරුවා අතවරයට ලක්ව ඇත්දැයි පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආණමඩුව පොලීසිය සිදුකරනවා.