එප්පාවල අතුරුදන් වූ 09 හැවිරිදි දරුවා සොයා විමර්ශන ඇරඹේ
එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, පී.කේ. ජී දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙක්.
මේ සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් එප්පාවල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විදුලි කාර්මික වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳව සැක කරන බවයි දරුවාගේ මව කියා සිටින්නේ.
ඒ අනුව සිද්ධියට සැකකෙරෙන 45 හැවිරිදි විදුලි කාර්මිකයා අත්අඩංගුවට ගැනීමට ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර පොලිසිය විසින් අතුරුදන් වූ එම දරුවා සෙවීමට මහනුවර, මාතලේ සහ නාවුල පිහිටි ඔවුන්ගේ ඥාතී නිවෙස්වලට ද ගොස් විමර්ශන සිදුකර තිබෙනවා.