Latest News

මවගේ ඇස් ඉදිරිපිටදීම පුතා දියේ ගිලී අතුරුදන් වෙයි

පවුලේ අය සමග මහවැලි ගඟේ දියනෑමට ගිය 16 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, වංගු 07 නිලදන්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි හෂාන් නමැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවෙක්.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඊයේ (14) සවස මහියංගනය වසමේ මහවැලි ගඟේ පාලම අසල මෙම පිරිස දියනෑමට ගිය අවස්ථාවේදී යි.

අනතුර සිදුව ඇති අවස්ථාවේදී සිද්ධිය දුටු මව මාධ්‍යට සඳහන් කලේ, “මගේ දරුවා.. අනේ බුදුබව අත්වෙනවා ගෙනල්ලා දෙන්නකෝ මගේ කොල්ලව… කවුරුත් නැද්ද මේකට බහින්න. උඹව මට බේරගන්න බැරි වුණා. උඹ යනවා දැක දැක මම කොහොම ද ජීවත් වෙන්නේ පුතා. ” යනුවෙන්.

අතුරුදන් වූ ළමයා සෙවීම සඳහා පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු සිදු කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.