Latest News

සිය දියණියට දඩුවම් දීමට ගිය මවට වූ දේ

කිළිනොච්චිය, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලීසිය පවසනවා.

අදාළ දැරියගේ පියා නිවසේ නොසිටි අවස්ථාවක මව සිය දරුවාගේ කට දෙපස රත්වු හැන්ඳකින් පුළුස්සා දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැරියගේ මව ආහාර සකස් කරමින් සිටින අවස්ථාවක දැරිය විසින් සිදුකළ ක්‍රියාවකට උරණ වු මව දැරියගේ කට දෙපස පුළුස්සා දමා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර වෙනුවෙන් කිළිනොච්චිය රෝහල වෙත යොමුකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.