Latest News

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරයට රෝහිණි කවිරත්න පත් කෙරේ

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න පත්කර තිබෙනවා.

උදය ගම්මන්පිල සහ කිංස් නෙල්සන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එම ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පත් කරනු ලැබුවා.

එමෙන්ම, සංසදයේ සම උප සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රෝහිණි කවිරත්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන්.

සංසදයේ සම උප සභාපති ධුරයට පත් අනෙක් මන්ත්‍රීවරයා වූයේ වේලුකුමාර් මහතායි.

ඔහුගේ නම යෝජනා ස්ථිර කරන ලද්දේ ගරු කිංස් නෙල්සන් සහ ගරු අශෝක් අබේසිංහ යන මහත්වරුන් විසින්.

ශ්‍රී ලංකාවේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා අදාළ අමාත්‍යාංශ හා වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ඊයේ (21) නවවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රථම වතාවට රැස් වුණා.