Latest News

වෙළෙඳසැලකින් මුදල් කොල්ලකෑමට උත්සහ කළ 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවට

වෙළෙඳසැලකින් මුදල් කොල්ලකෑමට උත්සහ කළ 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර පිරිමි දරුවා විසින් බණ්ඩාරගම, නාමළුව ප්‍රදේශයේ වෙළෙඳසැලක හිමිකාර කාන්තාවට පිහියෙන් පහර දී සොරකම් කිරීමට උත්සහ කර ඇති අතර එහිදී එම කාන්තාව එය වළක්වා ඇති බව වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, 33 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ උදාර ප්‍රදේශයට සහ දකුණු අතෙහි උර බාහුවට තුවාල සිදුව ඇතැයි වාර්තා වනවා.

සැකකාර දරුවා එම ස්ථානයෙන් පළාගොස් සඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දරුවා විසින් මින් පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස වෙළෙඳසැලට පැමිණ මුදල් කොල්ලකෑමට උත්සහ දරා ඇති බව වෙළෙඳසැල් හිමිකාරිය පොලිසියට පවපවසා තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අත්අඩංගුවට ගත් සැකකාර දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව දෙමාපියන් වෙත් භාර දුන් බවයි.