Latest News

දින තුනකින් කුසට ආහාර නොමැති දරුවන් දැක මව කනේරු ඇට කයි

දින තුනක සිට තම දරුවන් හට කිසිදු ආහාරයක් ලබා දීමට නොහැකිව දරුවන් ,ඇල් ජලය පමණක් පානය කිරීම ඉවසාගත නොහැකිව වැල්ලවාය ප්‍රදේශයේ මවක් දිවිතොර කර ගැනීමේ අභිලාෂයෙන් මාරාන්තික විෂ අඩංගු කනේරු ඇට කා අසාධ්‍යව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවත් ඇයගේ ජීවිතය රැකදීමේ හැකියාවක් ඇතැයි හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සඳහන් කරනවා.

කෙසේවෙතත් එම දරුවන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සපයාදීම ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇති බව වෛද්‍යවරයා සඳහන් කළා.

මෙම පවුලේ අවුරුදු 9, 8 සහ 4 යන වයස්වල දියණියෝ තිදෙනෙක් සිටිනවා.

44 හැවිරිදි වියේ පසුවන මෙම පියාට සහ මවට ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති තත්ත්වය මත පසුගිය දිනවල කෑමට යමක් සොයාගැනීමට අසීරු වී තිබෙනවා.

මෙම පවුලට උදව් උපකාර කිරීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් පියාගේ දුරකථන අංකය 076-1040036 ට අමතා සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.