ශ්‍රී ලංකාවේ ණය පියවන්න චීනයෙන් තවත් ණයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අකමැති බවත්, ණය පියවීම සඳහා තවත් ණයක් ලබා දීමට සූදානම් බවත් චීනය දන්වා ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.
චීනය ලොව පුරා බොහෝ රටවලට ණය ලබා දී ඇති රටක් බැවින් එක් රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ හොත් එය ඔවුන්ගේ අනෙක් රටවලට ද බලපෑමක් වනවාය යන්න චීනයේ ස්ථාවරය බව ඔහු සඳහන් කළා.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට දැනට ඇති ණය ගෙවීම සඳහා තවත් ණයක් ලබා දීමට සූදානම් බවට චීනය යෝජනා කර ඇතැයි, කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, එය මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත් මුදල් අමාත්‍යවරයා ඉදිරියේදී ඒ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරනු ඇති බවත්ය.