චීනයේ පෙර පාසල් දරුවන් ලංකාවට මුදල් එවයි
චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර තිබෙනවා.
මෙය ලංකාවේ මුදලින් මිලියන 5කට ආසන්නයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළා.
අදාළ ප්‍රාථමික පාසලේ දරු දැරියන් පාසල් යෑමට නිවසින් පිටත්වෙන විට මව්පියන් වියදම් කිරීම සඳහා ලබා දෙන මුදල ඉතිරි කර ගනිමින් එය ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කලේ,ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී දරු දැරියන් 1000 කට වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙම මුදල ප්‍රයෝජනවත් වනු ඇති බවයි.