ඉහළ ගිය චොකලට් මිල නිසා වෙළෙන්දෙකු අධිකරණයට
චොකලට් වල ලේබලයේ මුද්‍රණය කර තිබූ මිල ගණන් ව්‍යාජ ලෙස ඉහළ දමා චොකලට් අලෙවි කර තිබු කූඨ වෙළෙන්දෙකු පිළිබඳව නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසි කිරීමකදී මෙම චොකලට් අලෙවිය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු විසින් එලෙස ව්‍යාජ මිල ගණන් යොදා විකිණීමට සූදානම් කර තිබූ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති චොකලට් වර්ග තොගයක් මුද්‍රා තබා පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන ගෙන ඇත.
සැකකාර වෙළෙන්දාට එළඹෙන 13 වනදා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට දැනුම්දී බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා.