News

CIDයට නම් ලැයිස්තුව ගැන කියන්න මම සැදී පැහැදීව ඉන්නවා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධව විමර්ශන කිරීමට පත්කළ කමිටුවට අද උදෑසන සහභාගි වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

මං වාචිකව නම් කිහිපයක් කිව්වා. නිවැරදිතාවය ඔප්පු කරන්න. රෙජිස්ටර් පෝස්ට් එකෙන් තොරතුරු වගයක් යවලා තියෙනවා සී.අයි.ඩී. එකට.

සී.අයි.ඩී. එකෙන් මම ඉල්ලීමක් කරලා තියෙනවා වාචික කටඋත්තරය ගන්න මට දිනයක් දෙන්න කියලා. මම සැදී පැහැදී ඉන්නවා.

ඒ වගේ අන්තරායක ඔ$ෂධ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා නිලංග මහත්මයා මේ වගේ ලිස්ට් එකක් හදාගෙන හිටියා. ඔහු මේ ගැන අනාවරණය කරන්න ගිහිල්ලා ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් ඇවිල්ලා, ඔහු මේ ලිස්ට් එක දාන්න ගිහිල්ලා, ඔහු අද නෝර්වේ වලට ගිහිල්ලා තියෙනවා. අද දුරකථනයෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා එතුමත් එක්ක.

කතාකරලා ඔහුගේ ලිස්ට් එක සහ මගේ ලිස්ට් එක සංසන්දනය කරන්න බලාපොරොත්තු වනවා. ඔහු එදත් මට කිව්වා දෙන්නම් කියලා.

රටේ අහිංසක දරු පරපුරට වෙන හානිය ගැන හිතලා අපි ඉදිරියේදී ලිස්ට් එක ලබාදෙන්නම්. ඉන්වෙස්ටිගේෂන් වලට හානියක් නොවන විදිහට.