Latest News

CIDයේ පස්වන මහලෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනියි

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණ ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ,මෙම කාන්තාව මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නො මැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.