Latest News

සමූපකාර බැංකුවට කඩා වැදුණු අයෙක් කළමනාකාරිනියට පිහියෙන් අනියි

බිබිල හෙවෙල්වල ප්‍රදේශයේ බැංකුවක් තුළ දී එම බැංකුවේ කළමනාකාරිනියට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකළ පුවතක් වාර්තා වනවා.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ, බිබිල කොටගම සමූපාකාර සමිතියට අයත් හෙවෙල්වෙල සමූපාකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරියයි.

සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු මෙලෙස කළමනාකාරිනියට පිහියෙන් ඇන පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු සොයා මේ වන විට බිබිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.