ෂකිරා ට වසර 8ක සිරදඬුවමක් ?
ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂකිරා ට එරෙහිව ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ, ෂකිරා විසින් ඩොලර් මිලියන 14.31ක් ආදායම් බදු ගෙවීම පැහැරහැර ඇති බැවින් ස්පාඤ්ඤය අධිකරණයක් මගින් ඇයට අදාළ චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාරියක් ලෙස නම් කර ඇති බවයි.
ෂකිරා 45 හැවිරිදි කොලොම්බියානු ජාතික කාන්තාවක් වනවා.
කෙසේවෙතත් ෂකිරා විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ඇයට ඒ සම්බන්ධ නඩු විභාගයට මුහුණදීමට සිදුවනවා.
අදාළ චෝදනාව සඳහා ඇය වැරදිකාරිය වුවහොත්, ඇය වසර 08ට සිරගත කිරීමට අධිකරණයට හැකියාව පවතිනවා.
අධිකරණයේ ගොනුකර ඇති චෝදනාවල සඳහන් වන්නේ, ෂකිරා 2012 සහ 2014 අතර කාලයේදී අදාළ ආදායම් බදු ගෙවා නොමැති බවයි.