කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි වැඩිවෙයි
කොළඹ නගරය ආශ්රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසනවා.
ඒ අනුව මෙම තත්ත්වය තවත් දින හතරක පමණ කාලයක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ,මේ දිනවල දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින බවත් ඉන්දියාවේ උතුරු දෙසින් වියළි සුළං හමාගෙන එන බවත් මෙම සුළඟේ ජල වාෂ්ප නොමැති බවයි.