ළමුන් සම්බන්ධ නීති – අණපනත් සංශෝධනය කරන්න – කෝපා කමිටුව
මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බව රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම කමිටුවේ වාර්තාව මගින්.
එම කමිටුව විසින් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ, සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.
ළමයින් සම්බන්ධයෙන් පවතින නීති – අණපනත් කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.