රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය නැවතීමෙන් රැකියා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අවදානමට
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අවදානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා.
රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ,එම තාවකාලික තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව විලවුන් ආනයනය කිරීමේ පිරිවැය 2021 සහ 2022 යන දෙකටම මුළු ආනයන බිලෙන් 0.1% නොයික්මවන බව නිවේදනයක් නිකුත් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කළා.
රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම හේතුවෙන් මෙරටට විදේශ විනිමය උපයා ගත හැකි රූපලාවන්‍ය ආශ්‍රිත කර්මාන්ත කිහිපයකට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රූපලාවණ්‍ය කර්මාන්ත මණ්ඩලය පෙන්වා දෙනවා.
ඒ අනුව රූපලාවණ්‍ය කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ,එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින් මෙම තාවකාලික තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන ලෙසයි.