Latest News

බලහත්කාරයෙන් නිවසට කඩා වැදුණු පිරිසක් තරුණ යුවළකට පහර දෙයි

නිවසකට ඇතුළු වීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම නිවසේ සිටි තරුණ යුවළකට පොලු හා කඩුවලින් පහරදීමේ සිද්ධියක් පෑලියගොඩ,මල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 21 වනදා මෙම පහරදීම සිදුකර තිබුණා.

අදාළ පහරදීමෙන් 17 හැවිරිදි තරුණියක් හා 24 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ තරුණයාගේ හිසට මැහුම් 21 යුත් සැත්කමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විමර්ශන සිදුකරන අතර මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැත.