COVID-19 ප්‍රතිකාර සඳහා “ඇමරිකන් හඩ” මධ්‍යස්ථානය ඉක්මනින්ම පරිවර්ථනය කරනවා
COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් ලෙස හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අක්කර 400 ක වපසරියකින් සමන්විත ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත වෙයි .
මෙම ගොඩනැගිල්ල කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබදව සොයා බැලීම සදහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නිරීක්ෂණ චාරිකාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “ඉරියෙදී මෙම ස්ථානය අපි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට කටයුතු ආරම්භ කර තිබෙනවා . යුද හමුදාව මෙහි ඉදිකිරිම් හා අනිකුත් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම ස්ථානය තුළ කොරෝනා ආසාදිතයින් වෙන වෙනම 50 කට පමණ ප්‍රථිකාර කිරිමටයි අපි සුදානම් වන්නේ .ඒ නිසා අද නිරික්ෂණ කටයුතු වලදි මතුවු අඩු පාඩුත් සකසමින් අපි ඉදිරියෙදි මේ සම්බන්ධව කටයුතු කරන්න සුදානම් යැයි පැවසිය.”
ඇමරිකන් හඩ සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව සදහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ , පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනන්දු හා වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.
