කොවිඩ් මාරයා බිලිගත් පස් මසැති කලලය
කොවිඩ් 19 වෛරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ පවසනවා.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අතර එහිදී මෙම දරුවා මවගේ කුස තුළම මියගොස් සිටි බවත් සැත්කමක් මගින් දරුවා එලියට ගත් බවත් වෛද්‍යවරු සඳහන් කළා.
මේ අතර මියගිය කලලයේ ආදාහන කටයුතු ගම්පොළ ආදාහනාගාරයේදී ඊයේ (25) සවස සිදු කෙරුණා.