Latest News

උදරයේ අපහසුතාවයට රෝහල්ගත කළ දැරිය කොවිඩ් ආසාදිතව තිබීමෙන් මියයයි

සිය නිවසේදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි සඳමිණි නෙත්සරණි නමැති දැරිය ඉතා අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

උදරයේ අපහසුතාවයක් හේතුවෙන් ඊයේ (22) දහවල් 12ට පමණ දැරියව බලපිටිය මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් ඇත.

අදාළ දැරියගේ දේහය සම්බන්ධයෙන් සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා.

මෙලෙස මියගොස්ව ඇත්තේ හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර තිබෙනවා.