News

Covid 19 ආසාදිත යැයි සැක 251 දෙනෙකු ප්‍රතිකාර ලබයි

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ගණන 148 කි.

ඉන් 21දෙනෙකු මේ වන විටත් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ආසාදිතයින් 124 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පුද්ගලයින් එකසිය දෙදෙනෙකු අයි.ඩි.එච්.රෝහලේත් 12 දෙනෙකු මුල්ලේරියාව මුලික රෝහලේත් නව දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේත් ප්‍රතිකාර ලබන බව සදහන් වේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් 68 දෙනෙකු හෝමාගම මුලික රෝහලේත්, 28 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේත්, 20 දෙනෙකු මීගමුව මුලික රෝහලේත් රැදි සිටි.