Latest News

දරුවන් අතර නැවතත් කොවිඩ්

කොවිඩ් 19 වෛරසය නැවතත් සමාජයේ පැතිරීමත් සමග කොවිඩ් 19 ආසාදිත දරුවන් රෝහල් වලින් වාර්තා වීමද ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

පසුගිය දින කිහිපය තුළදී කොවිඩ් වෛරස ආසාදිත දරුවන් පස්දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හමුවූ බව ද ඔහු සඳහන් කළා.

මෙම දරුවන් පස්දෙනා ආසාදිතයන් ලෙස වාර්තාවී ඇත්තේ, සමාජය තුළ එකම කොවිඩ් ආසාදිත දරුවකු හෝ වාර්තා නොවී පැවති පසුබිමක වීම විශේෂත්වයක්.

මේ වසරේ මුල් කාලයේදී වරින් වර කොවිඩ් ආසාදිත දරුවන් 315ක් පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තාවී තිබෙනවා.

කෙසේවෙතත් එම සංඛ්‍යාව බින්දුව දක්වා පහළ ගොස් තිබුණු බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් සඳහන් කලේ, දරුවන්ට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් යැවීමෙන් වළකින ලෙසයි.

එවැනි ලක්ෂණ පවතී නම් දරුවන්ට මුව ආවරණයක් පැළඳීමට ලබාදිය යුතු බවත් ඔවුන් අනෙක් අයගෙන් තරමක් ඈත් කර තැබීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළා.