Latest News

සෞඛ්‍ය නීති කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරේ

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

මෙහිදී කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කළේ,විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බවයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියේද සහය ලබාගන්නා බවත් උත්සව සමයේදී කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.