12න් පහළ ළමුන්ටත් කොවිඩ් එන්නත
වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා ද කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීමට අවශ්‍යය නිර්දේශ මෙම සතිය ඇතුළත ලැබෙන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කලේ, කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, කොවිඩ් 19 එන්නත දරුවන් හට ලබාදීම සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අදහස් විමසු බවයි.