පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කරයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කලේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීමේ ඇති වැදගත්කම විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී අවධාරණය කළා.