19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලානය ඉන්දියාවට…
19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලාන අවසන් තරඟය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ, එංගලන්ත 19න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී එංගලන්ත කාන්තා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 68ක් රැස්කර ගත්තා.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryana MacDonald-Gay ලකුණු 19ක් රැස් කළා.
ජයග්රාහී ලකුණු 69ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්රහණය වාර්තා කරනු ලැබුවා.