කිරුලේ සටන සමථ මණ්ඩලයට
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙස නියෝග ලැබී තිබෙනවා.
පැමිණිල්ල සහ අගතියටපත් පාර්ශවය යන දෙපාර්ශවයටම ලබන(19) වැනිදා මෙලෙස සමථ මණ්ඩලයේ පෙනීසිටින ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා විසින් නියෝග කොට තිබෙනවා.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා විසින් හිටපු ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරී සහ නිරූපණ ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රන් යන අයට එරෙහිව මෙලෙස පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
පොලිස් ඇප මත සිටි සැකකාරියන් දෙදෙනා සහ පැමිණිලිකාරිය අද (14) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් අනතුරුව මෙම නියෝගය ලැබී තිබෙනවා.