රත්රන් තොගයක් පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් රේගු භාරයට
රුපියල් කෝටියකට වැඩි වටිනා රත්රන් තොගයක් පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.
පසුගිය (25) වනදා ඩුබායි සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අදාළ කාන්තාව ගැන සැක කළ රේගු නිලධාරීන් විසින් එම කාන්තාව පරීක්ෂා කිරීමේදී මෙම රත්රන් තොගය ප්ලාස්ටර් යොදා පපු ප්‍රදේශයේ අලවා සඟවාගෙන තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස සඟවාගෙන පැමිණි රත්රන් තොගයේ ග්‍රෑම් 610ක් බරැති මාල, වළලු හා මුදු තිබූ බව රේගුව සඳහන් කළා.
වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ කාන්තාව රේගුව වෙත භාර දී තිබෙනවා.