Latest News

රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දියත උයන අසලදී ඊයේ (07) පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.