සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් බවට දමිතාගෙන් ප්‍රකාශයක්
අරගල ක්‍රියාකාරිනියක වන ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය දේශපාලනයට පිවිසෙන බව ඊයේ (28) මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
එහිදී ඇය සඳහන් කලේ, අරගලයේ අරමුණු ඉටුකරන ඕනෑම කණ්ඩායමක් සමග තමන් කටයුතු කිරීමට සූදානම් බවයි.
ආණ්ඩු පක්ෂය සමග එක්වන ලෙසට තමාට ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ද ඇය එහිදී සඳහන් කළා.
එම මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න වැඩිදුරටත් සඳහන් කලේ,
“මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නම කිය කිය බැන්නා පහුගිය කාලයේ. හේතුව පාර්ලිමේන්තුව තුළ අපි ගිහින් ඉල්ලීම් කරා, මේක භාරගන්න කියලා. එතුමන්ලා භාරගන්න බැහැ කිව්ව වේලාවේ අපි හිතුවා භාරගන්න බෑ කිව්වේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටින්න බැරිකම කියලා. නමුත් මම අද විශ්වාස කරනවා මෙතුමා භාරගත්තේ නැත්තේ, මේ පල්හොරු එක්ක එතුමාට හිටගන්න බැරි නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ කියලා ඕනෙ තැනක හිටගෙන කියන්න පුළුවන් විශ්වාසය මට තියෙනවා. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහෝම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳගන්නවා ද අපිත් එක්ක කියලා. හැබැයි මගේ එකම උත්තරය වුණේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. හෙට දවසේ කොතැනක හරි අරගලයේ අරමුණු ඉටුකරන කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා.” යනුවෙන්.