සිව් හැවිරිදි දියණියට වදහිංසා කළ පියා අත්අඩංගුවට
අවුරුදු 4යි මාස 11ක් වයසැති සිය දියණියට වදහිංසා කිරීම හේතුවෙන් පියා (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර කලක පටන් පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මීට මාස 05කට පමණ පෙර දැරිය මිත්තණියට භාර දී මව විදේශගත වී තිබෙනවා.
ඉන් මාස දෙකකට පසුව සැකකරු විසින් දැරිය ඔහුගේ නිවසට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.
එහිදී සැකකාර පියා විසින් දැරියට පහර දී කෲරත්වයට පත්කර ඒවා පටිගත කර විදේශගත වී සිටින බිරිඳ වෙත යවා ඇති බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ දැරියගේ මිත්තණිය පසුගිය (12) වනදා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර සැකකරු අද (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදුකරනවා.