Latest News

කංසා නැති නිසා රටට ඩොලර් බිලියන දෙකක් අහිමි වුණා – ඩයනා ගමගේ

කංසා වගාවෙන් විදේශ විනිමය උපයාගත හැකි බව තමන් සඳහන් කළද එය ක්‍රියාත්මක නොවූ නිසා ඩොලර් බිලියන දෙකක් රටට අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඒ, ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින්.

ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට කංසා වගා කිරීම සහ පිටරට යැවීම සඳහා නීත්‍යානුකූල බලය ලබා දී ඇති බවත් නමුත් අපේ රට කළින් මේ වගේ තීරණයක් නොගත් නිසා මෙය සිදුවී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවත් ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවත් ඇය මීට පෙරදීද පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළ අතර මෙය බොහෝ දෙනාගේ කතාබහටද ලක්වුණා.