ඩයනාට විදෙස් ගමන් තහනමක්…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17 වන දින දක්වා විදෙස් ගමන් තහනමක් පනවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) නියෝග කර තිබෙනවා.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කර තිබෙනවා.