ඩයනා ගමගේට නොතීසි…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ දිවිත්ව පුරවැසිභාවයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙහිදී අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ, වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.