Latest News

18 හැවිරිදි සිසුවියක් දියේ ගිලී මරුට…

ගල්ගමුව පොලිස් වසමේ මැදගම වැවේ දියනෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විට ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පැවසුවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි ලීකොළවැව, මහගල්කඩවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.